Tuesday, April 12, 2011

අනාගත රැජිනගෙ ඉඟ සුඟ හෙලිකළ ඇඳුමට, වාර්තාගත මිලක්


uploaded @ imgstr.comවිලාසිතා සංදර්ශනයකදී සිය ඇඟ පසඟ විනිවිද පෙනෙන අයුරින් බ්‍රිතාන්‍යය විලියම් කුමරුගේ පෙම්වතිය වන කේට් මිඩ්ල්ටන් පැළඳි ඇඳුමක් වාර්තාගත මිලකට වෙන්දේසි වී
 තිබෙන බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිරුර විනිවිද පෙනෙන මෙම ඇඳුම ඩොලර් 125,000 කට වඩා වැඩි මිලකට මිලදී ගෙන තිබෙන්නේ නිකී රොබට්ස් නැමති පුරාණ වටිනාකමක් සහිත භාණ්ඩ එකතු කරන්නෙකු බවයි.

කේට් මිඩ්ල්ටන් යනු අනාගත එංගලන්තයේ රැජින බවත් එවැනි තැනැත්තියක පැළඳි මෙවැනි ඇඳුමක වටිනාකම අදට වඩා අනාගතයේදී ඉතා ඉහළ යනු ඇති බවත් මෙම මිලදී ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා තිබෙන බව සඳහන්ය.
මෙම ඇඳුම ඇඟලා කේට් මිඩ්ල්ටන් විලාසිතා දැක්වූ 2002 වසරේදී පැවති මෙම සංදර්ශනය නැරඹීමට විලියම් කුමරුද පැමිණ සිටි බවත් එය නැරඹීමෙන් පසුව ඇය කෙරෙහි විලියම් කුමරුගේ සිත බැඳුණු බවට කටකතා පවා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ එම ඇඳුමයි.

අපි මෙම ලිපිය ෆේස් බුක් එක්ක බෙදා ගමු



 45 Fans on the page




share with facebook

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...